13 December 2025

logo

දකුණට විදුලිය ලැබෙන ක්‍රමයේ හෙට සිට වෙනසක්



දකුණට විදුලිය සපයන නව පොල්පිටිය - හම්බන්තොට කිලෝවොට් 220 ක අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගයේ සම්ප්‍රේෂණ කටයුතු හෙට (24) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. 

මේ අතර විදුලි අර්බුදය විසඳීම සඳහා මාතර ඒස් පවර් පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගත් බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. 
 
ඒ අනුව මෙගාවෝට් 23ක් ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති. 
 
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ දකුණු පළාතේ විදුලි සැපයුම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හදිසි මිලදී ගැනීමක් ලෙස මාතර ඒස් පවර් බලගාරයෙන් එලෙස විදුලිය මිලදී ගත් බවයි. 
 
මීට අමතරව ඇඹිලිපිටිය එස් පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ද සාකච්ඡා ආරම්භ කර ඇති බව විදුලිය බල මණ්ඩලය ප්‍රකාශ කළා. 
 
මේ අතර සමනලවැව ජලාශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත්තේ අද (23) දිනයේ පමණක් බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. 
 
මේ වනවිට ජලාශයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජල ප්‍රමාණයෙන් ඇත්තේ මීටර් දශම 7 ක් පමණයි.
(colombotimes.lk)