17 September 2025

logo

බිත්තර මිල වැඩි කිරීමේ සූදානමක් ගැන හෙළිවෙයි



වෙළඳපොලේ බිත්තර හිඟයක් මෙන්ම මිල වැඩි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව සතොස අලෙවිසැල් ජාලයේ මෙන්ම සිල්ලර වෙළඳසැල්වලද බිත්තර මිලදී ගැනීමට නොමැති බවයි පාරිභෝගිකයින් පැවසුවේ.

මීට අමතරව එළඹෙන සඳුදා සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියා.

මේ වනවිට වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 60කට ආසන්න වන බවත්, සතොස හරහා අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 43ක් බවත් සඳහන්.
(colombotimes.lk)