colombotimes.lk
සිංහල | English

18 October 2024


ඊශ්‍රායලයෙන් යේමනයට දරුණු ප්‍රහාරයක්



ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරළිකරුවන්ගේ පාලනයේ පවතින හොඩේයිඩා වරායට ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 3ක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 87ක් තුවාල ලබා ඇති බවයි.

මීට දින දෙකකට පෙර හූති කැරළිකරුවන් විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනෙවා.

එයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඊශ්‍රායල බලධාරීන්ට අනුව ඊශ්‍රායලය විසින් යේමනයට පහර දුන් පළමු අවස්ථාව මෙයයි.

(colombotimes.lk)