colombotimes.lk
සිංහල | English

27 April 2024

කොළඹ ටයර් වෙළඳසැලක ගින්නක්



කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වන විටත් ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.     

(colombotimes.lk)