22 November 2024


කුරුලු උණ හේතුවෙන් ලොව ප්‍රථම වරට පුද්ගලයෙක් මරුට



පසුගිය අප්‍රේල් මාසයේදී කුරුළු උණ හේතුවෙන් මෙක්සිකෝවේ පුද්ගලයෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ඔහු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අතරම, ඔහුට කුරුළු උණ වැළඳී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ.

ඒ අනුව මෙය කුරුළු උණ හේතුවෙන් ලොව වාර්තා වූ පළමු පුද්ගල මරණය වනවා.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ කුරුළු උණ වෛරසය මිනිසාට වැළඳීමේ හැකියාව ඉතා අඩු බවයි.
(colombotimes.lk)