10 January 2025


දක්ෂිණ අධිවේගයේ අන්තර් හුවමාරුවක ජල ගැලීම් තත්ත්වයක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූ⁣ව හුවමාරුවෙන් වැලිගම සහ කනංකේ දක්වා සැහැල්ලු වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. 

ඒ වැලිගම හා කනංකේ අතර ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන්. 
 
කෙසේවෙතත් විශාල ප්‍රමාණයේ වාහන සඳහා එම ස්ථානයෙන් ගමන් කිරීමට බාධාවක් නොමැති බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.
 
ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුවද, මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවද පිටවීම සඳහා භාවිතා කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙනවා.
(colombotimes.lk)