හැටන් පොලිස් වසමට අයත් දික්මය ලෙදන්වී චතුයායේ වතු කම්කරුවන් අද (19) වැඩ වර්ජනයක නිරත වෙමින් එම වතුයායේ කළු කොඩි ඔසවා උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.
ඒ පාරිසරික ගැටළුවක් මුල් කර ගනිමින් බවයි වාර්තා වන්නේ.
එම වතුයායේ වතු කම්කරුවෙක් සිදු කරගෙන යන ගව සත්ත්ව පාලනයක මළ ද්‍රව්‍ය ප්‍රධාන මාර්ගය හරහා ගලා බසින සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසියට සහ වතු පාලන අධිකාරියට මීට පෙර අවස්ථා කිහිපයකදී පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
වතු කම්කරුවන් කියා සිටියේ නමුත් එයට මෙතක් කිසිදු විසඳුමක් නොලැබීම නිසා මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කළ බවයි.
ගව ගාලේ මළ ද්‍රව්‍ය වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය හරහා ගලා බැසීම නිසා මාර්ගයේ ගමන් කරන පාසල් ළමුන් ඇතුළු වතු ජනතාව දැඩි පීඩාවට පත්වී තිබෙනවා.
මෙයට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන්ගේ අත්සනකින් යුත් ලිපියක් වතු පාලන අධිකාරියට සහ හැටන් පොලීසිය වෙත ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)