ගල්ඔය සහ මින්නේරිය අතර කැලෑබද ප්‍රදේශයකදී වනඅලි 6දෙනෙක් දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (19) රාත්‍රී 11.30ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි.
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෙලෙස වනඅලි ගැටී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරත් සමඟ දුම්රිය පීලි පැනීමට ලක්වූ බවයි.
එය තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ හේතුවෙන් අලුයම 1.15ට ධාවනයවීමට නියමිතව තිබූ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා පුලතිසි දුම්රියද අවලංගු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)