ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ ඒ සඳහා දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම මේ වන වන විට අවසන් අදියරට ළඟා වී ඇති බවයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒ සඳහා දත්ත සැපයීමට ජනතාවට පහසුකම් සැලසීමටද නියමිතව තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා ජාලගත සැලස්මක් සකස් කිරීම මේ වන විට ක්‍රියාත්මක බවයි.
පළමු අදියරේදී ඩිජිටල් හැඳුනුපත සඳහා ඉල්ලුම්කරුගේ මුහුණේ හැඩය හා ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දෙවන අදියරේදී ඇසේ කළු ඉගිරියාවේද ජීව දත්ත ඩිජිටල් හැඳුනුම්පතට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.
අලුතින් හැඳුනුම්පත් අයදුම් කරන පුද්ගලයන්ට මුල් අදියරේදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමටද කටයුතු සැලසුම් කර තිබෙනවා.
ඉන් අනතුරුව පැරණි හැඳුනුම්පත් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)