21 February 2025


වසර 20කදී ශ්‍රමිකයන් 78,000ක් කොරියාවට



රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ මෙරට ශ්‍රමිකයන් 78,000කට අධික පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය සඳහන් කළේ 2004 වසරේ සිට 2024 දක්වා කාලය තුළ එම ක්‍රමය යටතේ කොරියානු රැකියා සඳහා  78,153දෙනෙක් පිටත්ව ගොස් ඇති බවයි.  

එමෙන්ම මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය 18 වනදා දක්වා කාලය තුළ රැකියාලාභීන් 710දෙනෙක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

(colombotimes.lk)