එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයන්ගේ ධූර කාලය 2025 ජුනි මස 02 වනදා සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
252වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 10වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න විසින් මෙය නියමය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)