02 July 2025

logo

උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත වෙයි



2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට පිහිටි කුමන පිවිසුම අද (20) සිට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. 

මෙම පාද යාත්‍රාව උතුරු නැගෙනහිර ජනතාව කතරගම පුදබිම වෙත පැමිණෙන මෙරට දීර්ඝතම පාද යාත්‍රාවයි.

කුමන සහ යාල වනෝද්‍යාන මැදින් කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයක් විවිධ පරිසර පද්ධති සහ වනසතුන් ගහන ප්‍රදේශ පසු කරමින් බැතිමතුන් කතරගම වෙත පැමිණෙනවා. 

ඔකඳ සිට යාල හරහා කතරගම පාද යාත්‍රාව සඳහා සති 2ක කාලයක් මෙලෙස කුමන පිවිසුම විවෘතව පවතින බවයි වාර්තා වන්නේ. 

කතරගම දෙවියන්ට දක්වන භක්තිය සහ බැතිමතුන් සිදු කළ විවිධ භාරහාර වෙනුවෙන් ඔවුන් මෙලෙස පාගමනින් කතරගමට පැමිණෙනවා. 

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය එළඹෙන 26වනදා ආරම්භවීමට නියමිතයි. 

ඒ අනුව මෙම බැතිමතුන් දින 5ක හෝ 6ක කාලයක් කුමන සහ යාල වනෝද්‍යාන මැදින් මෙලෙස ගමන් කරනු ලබනවා. 

(colombotimes.lk)