මීගොඩ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30 දෙනකු අද (06) දින දහවල් රෝහල් ගත කර තිබෙන බව මීගොඩ පොලිසිය පවසනවා.
ඒ දහවල් ලබා ගත් ආහාර විෂ වීමක් හේතුවෙන්.
එම රෝගීන් අතුරින් 17 දෙනකු හෝමාගම මූලික රෝහලටත් 13 දෙනකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුලත් කර තිබෙනවා.
රෝහල් ගත කළ රෝගීන්ට ක්ලාන්තය, හිස රුදාව සහ මුඛයෙහි ආසාදන තත්වයන් පවතින බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.
දහවල් ආහාර වේලෙහි තිබූ මාලු වර්ගයක් නිසාවෙන් මෙම තත්වය ඇති වූ බවට සැක කරනවා.
(colombotimes.lk)