22 November 2024


IMF නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයින් දිවයිනට පැමිණෙන බවයි.

ඒ අනුව මෙලෙස පැමිණීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක්.


(colombotimes.lk)