colombotimes.lk
සිංහල | English

04 May 2024

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී දැවැන්ත සෞඛ්‍ය වර්ජනයක්?



සංවිධානාත්මක පිරිසක් විසින් එළඹෙන සැප්තැම්බර් මාසයේ දී වර්ජන මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ සැලැස්මක නිරතවන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. 

ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. 
 
මෙහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඖෂධ නියාමන අධිකාරියේ විශාල ප්‍රශ්න ගණනාවක් තිබූ බවයි. 
 
එම අධිකාරිය විසින් 2016 සිට 2021 දක්වා වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි ඔහු පැවසුවේ. 
 
මේ හේතුවෙන් නියාමන අධිකාරියේ පිරිසක් රැකියාවලින් ඉවත් කිරීමට තමාට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)