colombotimes.lk
සිංහල | English

27 April 2024

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය අඛණ්ඩව



සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලිඛිත දැනුම්දීමක් කරන තුරු සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

තම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළව මෙසේ ලිඛිත දැනුම්දීමක් සිදුකළ යුතු බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.

වෛද්‍යවරුන් සඳහා ලබාදුන් DAT දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.
(colombotimes.lk)