01. මනූෂ නානායක්කාරට අධිකරණයෙන් දුන් නියෝගය
ඊශ්‍රායල රැකියා සඳහා සේවකයන් යැවීමේදී සිදු වී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඒ අද (15) පස්වරුවේ ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
02. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත පොලිස් ක්ෂේත්‍ර බලකායේ වැඩබලන අණදෙන නිලධාරී තනතුරට මාරු කර යවා තිබෙනවා.
එමනිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
03. දකුණු මුහුදෙන් හමු වූ මත්ද්‍රව්‍යවල බර හෙළිවෙයි
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 51ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.
එම පාර්සල් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක් හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු වී තිබූ බවයි.
මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් එම පාර්සල්වල අඩංගු බව පොලීසිය සඳහන් කළා.
04. නීතිඥ වන්නිනායකට අධිකරණයෙන් දුන් නියෝගය
නීතිඥ ගුණරත්න වන්නිනායක ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔහු අද (15) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීයි.
05. ඉන්දීය කාන්තා කණ්ඩායමට ICCයෙන් දඩ
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ පසුගිය ඉරිදා පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී නියමිත පන්දුවාර වේගය නොපවත්වා ගැනීම හේතුවෙන්.
ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායමට අදාළ තරග ගාස්තුවෙන් 05%ක දඩ මුදලක් පනවා තිබෙනවා.
(colombotimes.lk)