14 October 2025

logo

ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයන් අත්සන් තබයි



ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන් අත්සන් තබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තුවේ පැවති සමුළුවේදී මෙම සටන්විරාම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.
 
ඇමරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, තුර්කි ජනාධිපතිවරයා ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ගාසා තීරයේ ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් 20දෙනා ඊශ්‍රායලයට භාරදීමෙන් අනතුරුව ගිවිසුමට අත්සන් තැබූ බවයි. 

ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 250දෙනෙක් සහ රැඳවියන් 1,700කට වැඩි පිරිසක් නිදහස් කිරීම ද සිදුවී තිබෙනවා. 


(colombotimes.lk)