colombotimes.lk
සිංහල | English

27 April 2024

පොල් කිරි අපනයනයෙන් ඉහළ ආදායමක්



මෙම වසරේ පෙබරවාරී මාසයේ පොල් කිරි අපනයනයෙන් රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන ලද අපනයන පිළිබඳ වාර්තාවට අනුවයි.

එමෙන්ම ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරී මාසය වන විට මෙට්‍රික් ටොන් 2373ක් ඉහළ ගොස් තිබෙනවා.

එයින් ලද ආදායම සටහන් වුනේ රුපියල් මිලියන 570ක් ලෙසයි.

කෙසේ නමුත් පොල් අපනයන‍යෙන් මෙම වසරේ ආදායම ඩොලර් බිලියනයක් දක්වා ඉහළ යා හැකි බව වාර්තා වනවා.

(colombotimes.lk)