සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් මහනුවර පල්ලේකැලේ නිවසක් තුළ තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම ඩිෆෙන්ඩර් රථය පරික්ෂා කිරීමේදී ලියාපදිංචි නොකළ චැසි අංකය සහ එන්ජින් අංකද තිබී නොමැති බවයි වාර්තා වන්නේ.
එමඟින් අදාළ ඩිෆෙන්ඩර් රථය නීති විරෝධීව එකලස් කරන ලද රථයක් බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අදාළ නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි ජයශ්‍රී උයන, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
(colombotimes.lk)