colombotimes.lk
සිංහල | English

27 April 2024

ගාසා සටන් විරාමයේ තිරය පිටුපස කතාව



ඊශ්‍රායල - හමාස් ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 16,000 කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.

එම ගැටුම් සති හතක කාලයක් තිස්සේ පැවති අතර මේ සම්බන්ධයෙන් සුබ ආරංචියක් වාර්තා වුණා.

ඒ අනුව අද (24) සිට දින හතරක සටන් විරාමයක් ආරම්භ කර තිබෙනවා.

Gaza ceasefire to start Friday as Israel continues to hit Hamas targets |  ITV News

මෙම සටන් විරාමයේ කොන්දේසි කිහිපයක් දක්නට ලැබෙනවා. ඒ තමයි,
1) හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු නිදහස් කිරීම.
2) ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කිරීම.
3) හමාස් සංවිධානය ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීම.

UN urges

මීට අමතරව සටන් විරාමය දීර්ඝ කළහොත් තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බව සඳහන්.

මේ සටන් විරාමයට ඇමරිකාවේ සෘජු සම්බන්ධයක් තිබෙන බව මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ සටන් විරාමයට පෙර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකථන සංවාද 13 ක් පමණ සිදුවී ඇති බවයි.

Hamas says 30 killed in Israeli attack on UN school ahead of Gaza truce |  Israel-Palestine conflict News | Al Jazeera

මීට අමතරව කාටාර් රාජ්‍යයේ හමුදාපති එමීර් තමීම් බින් හමාඩ් අල් තානි සමඟ පැවති සාකච්ඡා ද මේ සඳහා බලපෑමක් ඇතිකර තිබෙනවා.

මෙහිදී ඉරානය, ඊජිප්තුව සහ තුර්කිය වැනි කලාපීය බලවතුන්ගේ සහභාගීත්වය සහතික කිරීම සඳහා කටාර් රාජ්‍යය අතරමැදියෙකු ලෙස ද කටයුතු කිරීම විශේෂත්වයක්.

ඒ වගේම මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමට කලාපීය බලවතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් සාකච්ඡා පවත්වා තිබුණා.

Palestinian militant groups in Gaza announce ceasefire with Israel after  worst fighting escalation in years | The Independent | The Independent

සාකච්ඡා අවසානයේ විශේෂ කෙටුම්පතක් සකස් කර ඇති අතර එය CIA අධ්‍යක්ෂ විලියම් බර්න්ස් සහ ජාතික ආරක්ෂක උපදේශක මැක්ගුර්ක් විසින් කටාර් අගමැතිවරයාට ලබාදී තිබෙනවා.

පසුව අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් කටාර් අගමැති විසින් හමාස් නායකයින් සමඟ පැය කිහිපයක් සාකච්ඡා කර තිබුණා.

මෙසේ සකස් කරන ලද අවසාන යෝජනාව ඊශ්‍රායලයට ඉදිරිපත් කර තිබෙනවා.

Israel-Hamas war: Struggle for survival worsens as water runs out for 2  million Gaza residents | Mint

ඉන් අනතුරුව සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඒ අනුව සියලුම පාර්ශවකරුවන් විසින් ඒකමතිකව අනුමත කරන ලද පිටු 6 කින් සමන්විත සටන් විරාමය, ගාසා තීරයට මානුෂීය ආධාර බෙදා හැරීම සඳහා පහසුකම් සැලසීමට සහ සීමිත සිරකරුවන් හුවමාරුවකට පමණක් සීමා වුණා.

එමෙන්ම මෙම ලේඛනය හරහා ඊශ්‍රායල හමුදා ක්‍රියාකාරකම් නැවැත්වීම, දකුණු ගාසා තීරය හරහා ඊශ්‍රායල ගුවන් ගමන් තහනම් කිරීම සහ උතුරු ගුවන් සීමාවේ මෙහෙයුම් සීමා කිරීම සිදු කර තිබෙනවා.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)