රුහුණු කතරගම මහා දේවාලයට අයත් බානු හස්තියාගේ බැමිලිහීමේ මංගල්‍යය ඊයේ පැවැත්වුණා.
මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බැමි ලිහා පිරිත්පැන් ඉස හස්තියා ඉදිරිපිට කිරිමුට්ටිය උතුරවා, යදම් ගලවා නහවා පිරිසුදුකොට, රසකැවිලි සහ පළතුරු ලබාදීම සිදුකෙරුණා.
මෙම අවස්ථාවට කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද,කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස යන නායක ස්වාමීන්වහන්සේලා වැඩමකර සිටියා.
මදකිපීම නිසා මෙම හස්තියා බැඳ සිට තිබුණා.
(colombotimes.lk)