11 July 2025

logo

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්



කළුතර, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්. 
 
ඒ අනුව කළුතර වල්ලලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ රත්නපුර ප්‍රදේශයේ කලවාන, කොළොන්න, ඇලපාත, ඕපනායක, රත්නපුර, ඇහැලියගොඩ, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කුරුවිට සහ වැලිගෙපොළ යන ප්‍රදේශවලට කහ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 
 
එමෙන්ම මහනුවර, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රදේශවලට ඇම්බර් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)