06 July 2025

logo

පසුගිය වසරේ සංචාරක ආදායම ඉහළට



පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 248,592ක් පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම වසරේදී සමස්ත සංචාරකයන් 2,053,465ක් දිවයිනට පැමිණ ඇති බවයි.

එය 2023 වසරට සාපේක්ෂව 38%ක වැඩිවීමක් බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2024 වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3,168.6ක ආදායමක් උපයා ඇති බවයි.

එය පෙර වසරට වඩා 53.2%ක වැඩිවීමක් ලෙස පෙන්නුම් කර තිබෙනවා.

(colombotimes.lk)