21 May 2025


ලුණු තොගයක් අද දිවයිනට



වර්තමාන ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොගයක් අද (21) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක ලුණු තොගයක් අද රාත්‍රියේ රට තුළට ගෙන ඒමට නියමිතයි.

මෙම තොගයට පෞද්ගලික අංශයෙන් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2,800ක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)