colombotimes.lk
සිංහල | English

19 May 2024

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් වහා බඳවා ගැනේ



සම්මුඛ පරීක්ෂණයකට පමණක් සීමා වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු මාතාවන්) 1,500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපයේදී ගන්නා බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බව සඳහන්.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

අදාළ සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත්තේ, 2021 ජනවාරි මස ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයකට අනුවයි.

ඒ, පවුල් සෞඛ්‍ය සේවා සඳහා නව පත්වීම් 2,500ක් ලබාදීමටයි.

එහෙත් ඔවුන්ගෙන් දැනට පුහුණුව ලබමින් සිටින්නේ 1,000ක් පමණක් බවත් ඉතිරි පිරිස තවමත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින බවත් අනාවරණය වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)