අතුරුදන්ව ඇති පළාත් සභාවලට අයත් වාහන පිළිබඳව සොයා බැලීම ආරම්භ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් පවසනවා.
ඔහු සඳහන් කළේ එම වාහන සම්බන්ධව විමර්ශනය කිරීමට කණ්ඩායමක් ද පත් කර ඇති බවයි.
එමෙන්ම පළාත් සභා සතු ආයතන, ව්‍යාපෘති සඳහා ඇතැම් නිලධාරීන්ට භාවිතයට මුදා හැර ඇති ඇතැම් වාහන අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තාවීමත් සමඟ මෙම විමර්ශනය ආරම්භ කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු කියා සිටියේ රජයට අයත් එම වාහන අවභාවිතා කළ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
(colombotimes.lk)