15 March 2025


විදෙස්ගත කරන බව පවසා මුදල් ගැරූ කතකට වැඩ වරදියි



පුද්ගලයන් විදෙස්ගත කරන බව පවසා රුපියල් 1,340,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාරාහේන්පිට පොලීසියට වාර්තාවූ පැමිණිලි 03කට අදාළව නාරහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ විමර්ශනයකින් අනතුරුව පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසුවයි.   

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 45ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකාරියක්.  

සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පුද්ගලයන් විදෙස්ගත කරන බවට පොරොන්දු ලබාදී මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් සිද්ධීන්
වාර්තා වී තිබෙනවා.

කොළඹ වංචා විමර්ශන කාර්යංශය, වැල්ලවත්ත, වාද්දූව, මීගහවත්ත, හබරාදූව හා ගිරිඋල්ල යන පොලිස් සථානවලට අදාළ පැමිණිලි ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)