colombotimes.lk
සිංහල | English

27 April 2024

කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්



කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සඳහා විපක්ෂය අද (26) අත්සන් තැබුවා.

ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

පසුගියදා මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කර ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොසලකා කටයුතු කිරීම හරහා කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට විපක්ෂය චෝදනා කරනවා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ අනීතික ක්‍රමවේදයක් තුළ මාර්ගගත සුරක්ෂිතතා පනත මේ වනවිට නීතියක් බවට පත්ව ඇති බවයි.
(colombotimes.lk)