06 July 2025

logo

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි



මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්‍රපාතයකයට පෙරළී තිබෙනවා.

ඒ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදීයි.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේදී මෝටර් රථය තුළ රියදුරා පමණක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් රියදුරාට කිසිදු තුවාලක් සිදුවී නොමැති අතර මෝටර් රථයයට දැඩි අලාභහානි සිදුවී තිබෙනවා.
 
(colombotimes.lk)