ඉන්දියාවේ දිල්ලි හී වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල මට්ටමක් කරා ළඟා වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම වායු ගුණාත්මක දර්ශකය 418ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජාත්‍යන්තර ගුණාත්මක තත්ත්ව වාර්තා දර්ශකවල මෙම අගය අනතුරුදායක ලෙස සඳහන් කර තිබෙන බවයි.
දිල්ලි වායු ගුණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ඉදිරි දින කිහිපය තුළ දිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල කාණ්ඩයට අයත් වීමට ඉඩ ඇති බව දන්වා තිබෙනවා.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඝන මීදුම, සහ ශීත තත්ත්වයක් පැවැතිය හැකි බවටත් සුළං තත්ත්වයේ අඩුවීමත් සමඟ මෙය ඉදිරි දින කිහිපයේද පවතින බවත් එම දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබෙනවා.
(colombotimes.lk)
