28 December 2025

logo

අභාවප්‍රාප්ත ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව



හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31වනදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ එතුමියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කළ බවයි.

එමෙන්ම එතුමියගේ දේහය අද 928) පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල් ශාලාවක තැම්පත් කෙරෙන අතර එළඹෙන 31වන බදාදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00තෙක් මහජන ගෞරව සඳහා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැම්පත් කරන බවයි වාර්තා වන්නේ.

අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී එතුමියගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.



(colombotimes.lk)