28 December 2025

logo

එළඹෙන පැය 36ක කාලය තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි



එළඹෙන පැය 36ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව, අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන අතර එම ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු පළාත, මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)