කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ආචාර්ය ඊ. ආර්. එස්. පී. එදිරිමාන්න පසුගිය 18වනදා සේවයෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට පුරප්පාඩු වී ඇති කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරක සේවය කරන ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ආචාර්ය ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමආරච්චි වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙනවා.