මියන්මාරයේ සියලු තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කර තිබෙනවා.
එරට පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව අවුරුදු 18ත් 35ත් අතර වයසැති සියලු පිරිමි පුද්ගලයන් සහ අවුරුදු 18ත් -27ත් අතර වයසැති තරුණියන් අවම වශයෙන් වසර 02ක් හමුදා අණ යටතේ සේවය කළ යුතු වනවා.
(colombotimes.lk)