ගොඩගැසී ඇති ඉඩම් නඩු කඩිනමින් විසඳීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික් අධිකරණවල ඉඩම් නඩු 33000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි.
එය දිසා අධිකරණවල නඩු සංඛ්‍යාවෙන් 13%ක් බවයි වාර්තා වන්නේ.
පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් මේ පිළිබඳව අධ්‍යයනයට කමිටුවක්ද පත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)