ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට එරෙහිව මාතලේ මහාධිකරණයේ ක්‍රියාත්මකවන නඩුවේ තීන්දුව ලබන මාර්තු 10වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව දැනුම් දී තිබෙනවා.
ඒ මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අදාළ නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදීයි.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පසුගිය වසරේ පැවති ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ක්‍රියාත්මක වනවා.
කෙසේ නමුත් මෙම සිද්ධියට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීමේ හේතුවෙන් මාතලේ මහාධිකරණය විසින් උපුල් තරංගව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා.
අනතුරුව එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් කර තිබෙනවා.
(colombotimes.lk)