colombotimes.lk
සිංහල | English

28 April 2024

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙනුවට නව බද්දක්



විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදු කළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නව බද්දක් හඳුන්වා දෙන බවයි.

ඔහු මේ බව කියා සිටියේ අද (29) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ආනයන අපනයන බදු සරල කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

(colombotimes.lk)