18 May 2025


නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට



නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. 

ඒ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ඊයේ (05) රාත්‍රී සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමගයි. 
 
ඒ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ. 
 
අකුරැස්ස - සියඹලාගොඩ ප්‍රධාන මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් යට වී තිබෙනවා. 
 
ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා වී තිබෙනවා. 
 
මේ අතර, අධික වර්ෂාවත් සමග පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 4ක් යොදවා තිබෙන බව නාවික හමුදාව පවසනවා. 
 
පසුගිය 04 වැනි දා සිට අදාළ ප්‍රදේශවලට සහන කණ්ඩායම් යොදවා ඇති බවයි නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.
(colombotimes.lk)