11 July 2025

logo

ලාෆ් ගෑස් ගැන දැනුම්දීමක්



සිය සමාගම මඟින් හිඟයකින් තොරව රට පුරා ලාෆ් ගෑස් බෙදාහැරීම සිදුකරන බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් හිඟයක් ඇති බවට පසුගියදා වාර්තා වුණා.

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත අවශ්‍ය ප්‍රමාණවලින් ගෑස් සිලින්ඩර් බෙදාහැර ඇති බවයි.

යම් ප්‍රදේශයක ලාෆ් ගෑස් හිඟයක් ඇත්නම් 1345 අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසද එම සමාගම ජනතාවට දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)