ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් 4දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
මේ අතර තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඔවුන්ගේ නිවාසවලින් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව එරට
ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර කියා සිටියා.
තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකාවකගේ නිවසටද දේපළ හානි සිදුවී ඇති බවයි.
කෙසේ වෙතත් ඇයට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)