18 May 2025


ආපදා කළමනාකරන මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්



නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර තිබෙනවා.

ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළේ 117 හදිසි ඇමතුම් අංකය භාෂා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක බවයි.

(colombotimes.lk)