26 March 2025


විශේෂ කාර්ය බලකා විවාහක නිලධාරීන්ට නිල නිවාස සංකීර්ණයක්



විශේෂ කාර්ය බලකා විවාහක නිලධාරීන් සඳහා ඉදිකරන ලද කලපළුවාව නිල නිවාස සංකීර්ණය විවෘත කර නිලධාරීන් වෙත නිවාස භාරදීම අද (24) සිදු කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන්.

පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත වෙන් කළ ප්‍රතිපාදන කලමණාකරනය කර ගනිමින් රුපියල් මිලියන 460ක මුදලක් වැය කර අංග සම්පූර්ණ පහසුකම් සහිතව නිවාස 36කින් සමන්විතව මෙම නිවාස සංකීර්ණය ඉදිකර ඇති බවයි.

(colombotimes.lk)