අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් පත් කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ඒ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (12) කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුකට යටත්ව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)