24 January 2025


නෙදර්ලන්ත ආධාර මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නවතියි



නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ ඊට නිසි සැලසුමක් නොතිබීම හේතුවෙන්.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ 2021 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරිමට නියමිතව තිබූ බවයි.

මෙම ව්‍යාපෘතියේදී පෙර සවි පාලම් 162ක් සවි කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා රුපියල් මිලියන 14,112ක මූල්‍යාධාරයක් නෙදර්ලන්ත රජය විසින් ලබා දී තිබෙනවා.

ඉන් 35%ක්ම ප්‍රදානයක් ලෙස ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් වැඩිදුරටත් සඳහන් කළේ එයින් සම්පූර්ණයෙන් ඉදිකිරීමට හැකිවී තිබෙන්නේ ඇත්තේ පාලම් 101ක් පමණක් බවයි.

(colombotimes.lk)