බහුජාතික සමාගම්වල ගොදුරක් බවට පත්ව සිටින ගොවීන් ආරක්ෂා කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය පුත්තලමේදී සංවිධානය කළ මහජන රැස්වීමක් අමතමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය විසින් රාජ්‍ය ව්‍යවසායන් හරහා පළිබෝධනාශක ආනයනය කර සාධාරණ මිලකට ගොවීන්ට බෙදා හැරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි.