01 July 2025

logo

දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට මාලිමාවෙන් යෝජනාවක්



ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් සහතික කිරීමේ පියවරක් ලෙස පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ජාතික ජන බලවේගය යෝජනා කර තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ වසර දෙක තුනක සාමූහික ගිවිසුම් වෙනුවට ජීවන වියදමට අනුව මාස 6කට වරක් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට වැටුප් වර්ධක පටිපාටියක් අවශ්‍ය බවයි.

ඊයේ (08) අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වන සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)