30 January 2025


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළට යන දරුවන්ට පැහැදිලි කිරීමක්



සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ සඳහා අයදුම් කිරීමේ දී පාසල්වල ප්‍රමුඛතාවය හිමිවන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අදහස් දක්වා තිබෙනවා.

අද (12) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මීට අදාළ චක්‍රලේඛය අනුව අයදුම්පත් කැඳවීම පාසල් මඟින් සිදුකළ යුතු බවයි.

සාමාන්‍ය පෙළ සිසුන් වැඩි වශයෙන් සමත් පාසල්වල දී එම පාසලේ දරුවන්ට උසස් පෙළ සඳහා යොමුවීමේ දී ප්‍රමුඛතාවය හිමිවන බව සඳහන්.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ යම් දරුවෙකු අධ්‍යාපන ලබන පාසලේ අදාළ විෂය ධාරාව නොමැති නම් එම දරුවන්ට අනෙක් පාසල්වල ප්‍රමුඛතාවය හිමිවන බවයි.
(colombotimes.lk)