01 July 2025

logo

ආපදාවකදී සිදුවන ජීවිත හානි වෙනුවෙන් මිලියනයක සහන මුදලක්



ආපදා සහන ඉහළ නැංවීමට 2025 අයවැය තුළින් කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ආපදාවකදී සිදුවන ජීවිත හානියක් සඳහා සහ ආපදාවක් මඟින් පූර්ණ ආබාධයකට ලක් වූවෙක් වෙනුවෙන් ලබාදෙන සහන මුදල, ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට 2025 අයවැය තුළින් යෝජනා කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම ආපදා තත්වයකදී වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වැනි දේපල හානිවලට ලක්ෂ 25 දක්වා වන්දි ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

colombotimes.lk