24 January 2025


ඛනිජ කැණීම් බලපත්‍ර ගැන සමාලෝචනයක්



ඛනිජ කැණීම් සඳහා මේ වන විට නිකුත් කර තිබෙන සියලු බලපත්‍ර පිළිබඳ සමාලෝචනයක් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සමන් ජයසිංහ සඳහන් කළේ වැලි, මැටි, බොරළු, පස් හා ගල් ප්‍රවාහනය සඳහා පසුගිය සමයේ බලපත්‍ර රැසක් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් කොන්දේසි කඩකරමින් ඇතැම් බලපත්‍ර හිමියන් කටයුතු කර ඇති බව හෙළිදරව් වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සියියා.

ඒ අනුව මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කොන්දේසි කඩ කළ බලපත්‍ර 18ක් අවලංගු කර තිබෙනවා.

(colombotimes.lk)